
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොල් ගෙඩියක් රුපියල් 130ක මිලකට සතොස හරහා ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද (04) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
රට තුළ පවතින පොල් හිඟවීමේ අර්බුදයට විසඳුමක් ලෙස ඉදිරි සති 2ක ඇතුළත දිවයිනේ විවිධ ප්‍රදේශවලට පොල් ගෙඩි ලක්ෂ 10ක් බෙදාහැරීමට රජය තීරණය කර ඇති බව ඔහු එහිදි සඳහන් කළේය.
රජයට අයිති වතුවල පවතින පොල් නිෂ්පාදන මෙලෙස අඩු මිලට අලෙවි කිරීමට නියමිත බව ද වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේය.
මේ අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් කිලෝග්‍රෑම් 200,000ක් පාලන මිලට සතොස අලෙවි සැල් හරහා දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට සහල් මෝල් හිමියන් එකවූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart