
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ තම පාර්ශවයට මඩ ගැසූ පුද්ගලයෙක් පෙරේදා අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සඳහන් කළේය.
මෙම පුද්ගලයා සතුව දේශපාලකයකුගෙන් ලබාගත් ලක්ෂ ගණනක මුදල්ද පැවැති බව ඇමැතිවරයා හෙළිකළේය.
ඇමතිවරයා මෙම අදහස් පළකළේ, පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
හෙතෙම එහිදී මෙසේද පැවැසීය.
“ඊයේ CID එකෙන් අත්අඩංගුවට ගත්තා පුද්ගලයෙක්. හාර ලක්ෂ ගාණනක් ඒ පුද්ගලයා අතේ තිබුණා. මේ සාමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරගෙන අපිට මඩ ගහන පුද්ගලයින්. ඒ පුද්ගලයාට දේශපාලනඥයෙක් තමයි මේ සල්ලි දුන්නේ. ඒ කාර් එකේ කොටුවට ගිහිල්ලා ඩොලර් ටික මාරු කරගෙන සල්ලි ටික අතේ තියෙනකොට තමයි අත්අඩංගුවට පත්වෙන්නේ. අපිටද, රජයටද, පොලිස්පතිතුමාට, ඔය ඔක්කෝටම මඩ ගහන්න සමාජ මධ්‍ය ජාල පාචිච්චි කරනවා. ඒක හින්දා තමයි අපි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාවේ. ආණ්ඩු පෙරළන්න වුණත් පාචිච්චි කරන්නේ මේ සමාජ මාධ්‍ය. මම අද කියන්නේ…. මේ පනත ප්‍රශ්නයක් වෙන්නේ සමාජ මාධ්‍ය වැරදි විදිහට හසුරවන අයට පමණයි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart