
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බෞද්ධ භික්ෂුවකට රෝද පුටුවක් ලබාදෙන මුවාවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නම භාවිත කර බැංකු ගිණුම් විවෘත කර ආධාර එකතු කිරීමේ වංචාවක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග අද නියෝග කළේය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සයිබර් අපරාධ අංශයට කළ පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත් කරන ලදී.
සැකකරුවන් අමාත්‍යවරයාගේ නම භාවිත කර භික්ෂුවකට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම සඳහා අරමුදල් රැස්කරන බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසූහ.
ඔවුන් ව්‍යාජ තොරතුරු භාවිත කරමින් බැංකු ගිණුම් නිර්මාණය කර මහජනතාවගෙන් පරිත්‍යාග එකතු කර තිබිණි.
වංචාවට සම්බන්ධ එක් බැංකු ගිණුමක රුපියල් 38,000ක් මේ වන විට පවතින බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙය හුදකලා සිදුවීමක් නොවන බව රහස් පොලිසිය අධිකරණයට තවදුරටත් දැනුම් දුන්නේය.
වෛද්‍යවරුන්, හෙදියන් සහ සමාජයේ අනෙකුත් පිළිගත් පුද්ගලයන්ගේ නම් මහජනතාවගෙන් වංචනික ලෙස ආධාර එකතු කිරීම සඳහා අනිසි ලෙස භාවිත කරන පුළුල් ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
කරුණු සැළකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය, සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart