
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු, ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රතිචාර දක්වා ඇත.
ක්‍රි.පූ. 49 දී ජූලියස් සීසර් රුබිකන් තරණය කිරීම සිහිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් සඳහන් කර තිබුණේ, එම ඓතිහාසික තීරණය සිවිල් යුද්ධයට සහ සීසර්ගේ අවසාන ජයග්‍රහණයට හේතු වූ ආපසු හැරවිය නොහැකි පියවරක් බවයි.
ඔහු ඒ පිළිබඳව තැබූ සම්පුර්ණ සටහන මෙසේ වේ.
‘කි.පු 49 දී, ගෝල්හි ආණ්ඩුකාර ජුලියස් සීසර් රෝමයේ සෙනෙට් සභාවේ අණට විරුද්ධව තම හමුදාව සමඟ රුබිකොන් නදිය තරණය කළේය. රුබිකොන් තරණය කළ පසු ආපසු හැරීමක් නොවීය. එය ආපසු හැරවිය නොහැකි තීරණයක් ගත් අවස්ථාවකි. එය සිවිල් යුද්ධයකින් සහ ජුලියස් සීසර්ගේ අවසාන ජයග්‍රහණයෙන් අවසන් විය. මෙම සිදුවීම ‘රුබිකොන් තරණය කිරීම’ හෝ ‘ආපසු හැරවිය නොහැකි තීරණයක් ගැනීම’ යන වාක්‍ය ඛණ්ඩයට හේතු වී ඇත. දේශපාලනයේ හෝ පාලනයේ යම් යම් අවස්ථා ‘රුබිකොන් තරණය කිරීම’ වැනි තීරණාත්මක අවස්ථා වේ. එවැනි තීරණ රටේ දිගුකාලීන අවශ්‍යතා මනසේ තබාගෙන ප්‍රඥාවෙන් යුතුව ගත යුතු තීරණ වේ’.
මෙම සටහනට ප්‍රතිචාර වශයෙන් බිමල් රත්නායක ඇමැතිවරයා පවසා ඇත්තේ, මාස 11 කට පෙර ‘රුබිකන් තරණය කළේ’ ශ්‍රී ලංකාවේ ජනතාව බවත්, රට සැබෑ ජනරජයක් බවට පත්කිරීමේ ව්‍යාපාරය පිටුපස ගාමක බලවේගය ශ්‍රී ලංකාවේ ජනතාව බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart