July 19, 2023

කොළඹ තරුපහේ හෝටලයකදී සිය සේවිකාවක දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට කෝටිපති ව්‍යාපාරිකයකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ව්‍යාපාරිකයා උසස් අධ්‍යාපනය සඳහා තරුණ තරුණියන් යුරෝපීය ප්‍රාන්තවලට යවන ඒජන්සියක හිමිකරුවෙක් බවත් මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ ඔහුගේ සේවිකාවක් බවත් පොලිසිය පවසයි.

තම ආයතනය විසින් හෝටලයේ සංවිධානය කරන ලද රැස්වීමකට සහභාගි වන ලෙස සැකකරු ඇයට දන්වා ඇති බවත්, ඔහුට අවශ්‍ය පරිදි ඇය හෝටලයට කැඳවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ඒ වන විටත් හෝටලයේ සාකච්ඡා පරිශ්‍රයක් වෙන්කරගෙන සිට ඇති අතර, තරුණිය එයට ඇතුළු වූ විට එහිදොරවල් අගුළු දමා ඇයව දූෂණය කර ඇතැයි පොලිසිය පෙන්වාදෙයි.

වින්දිතයාගේ පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර තිබේ.