
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියකට අදාළව එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගෙන තිබේ.
මීගොඩ ප්රදේශයේ පදිංචි නව හැවිරිදි දැරියකට මෙම පහරදීම සිදුකර තිබුණේ ඇගේ මවගේ දෙවැනි විවාහයේ සැමියා විසින් වන අතර, පහරකෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය පවසයි.
තමන් සුළු පියාගේ විරුද්ධවාදියකු සමඟ කතාබහ කිරීම හේතුවෙන් බීමතිනි සිටි සුළු පියා පහරදීම සිදුකර ඇති බවත් දැරිය පොලිසියට පවසා තිබේ.
අසල්වාසීන් දැරියට පහරදෙන අයුරු දැක ඇති අතර, පසුව ඔවුන් එම පුද්ගලයාට පහර දී දැරිය බේරාගෙන ගෙන ඇත.
අනතුරුව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු යුද හමුදා කෝප්රල්වරයෙක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart