
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට තේවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග කලාපයට අපනයනය කරන බැවින් මැදපෙරදිග වර්ධනය වන ආතතීන් ලංකා තේ කෝප්පයට බලපෑ හැකි බව කර්මාන්තයේ පාර්ශවකරුවන් පෙන්වාදෙයි.
රතු මුහුදේ ප්‍රහාරයෙන් පැන නගින ගැටලු දැනටමත් තේ ප්‍රවාහන සහ බෙදා හැරීමේ කාලය දීර්ඝ කිරීමට හේතුවී ඇති අතර සහ එමගින් ඉහළ යන භාණ්ඩ ප්‍රවාහන වියදම් කර්මාන්තයට දැනටමත් බලපෑම් කර තිබේ.
එසේම ගුවන් අවකාශය වසා දැමීම වැනි නව ගැටලු පවතින දුක්ඛිත තත්ත්වය තවත් තීව්‍ර කර තිබේ.
මුහුදු මාර්ගවලට ඇතිවන බලපෑම තේ මත යැපෙන ජනතාවගේ මිල ගණන්වලට සහ දේශීය ජීවනෝපායවලට දැඩි ලෙස බලපෑ හැකි බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ගනේෂ් දේවනායගම් ප්‍රකාශ කර ඇත.
ගල්ෆ් කලාපයේ නරක අතට හැරෙමින් තිබෙන තත්ත්වය තේ මිල මත වහාම පීඩනයක් ඇති කළ හැකි බව ද ඔහු අවධාරණය කරයි.
ඒ හා සමාන හැඟීම් පිළිබිඹු කරමින්, තේ වෙළෙන්දන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න තහවුරු කළේ මැදපෙරදිග පවතින ආතතීන් සම්බන්ධයෙන් කර්මාන්තය දැඩි අවධානයෙන් පසුවන බවයි.
“මැදපෙරදිග සිදුවන ඕනෑම දෙයක් අපට බලපානවා. අපනයනකරුවන් වශයෙන්, අපි සම්මත ආකාරයට ව්‍යාපාර කරමින් සිටින්නේ. එය අපට බලපායි. බොහෝ බලපෑම් එන්නේ වක්‍රවයි, ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් සඳහන් කළේ, දේශීය කර්මාන්තය මීට පෙර ද මෙවැනි තත්ත්වයන් අත්විඳ ඇති බවයි.
“මේ වන තෙක්, තේ අපනයනකරුවන්ගෙන් කිසිදු අහිතකර වාර්තාවක් මෙතෙක් අපට ලැබී නැහැ. නැව්ගත කිරීම අඩාලවීම් ගැන කිසිවකු පැමිණිලි කර නැහැ, ” යනුවෙන් ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart