
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය තාර ආනයනය කිරීමට නොහැකි වීම නිසා දිවයින පුරා කුඩා මාර්ග ඉදි කිරීමේ ව්‍යාපෘති රැසක් ප්‍රමාද වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අනුරාධපුරයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
කුඩා මාර්ග ඉදි කිරීම සඳහා රජය මගින් ප්‍රතිපාදන සහ මුදල් වෙන්කර තිබුණද, පවතින තාර හිඟය හේතුවෙන් අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
ශ්‍රී ලංකාවේ මාර්ග සඳහා භාවිත කරනු ලබන විශේෂිත තාර වර්ගය ප්‍රධාන වශයෙන්ම ආනයනය කරනු ලබන්නේ මැදපෙරදිග කලාපයෙන් වන අතර, පවතින යුද්ධය නිසා එම සැපයුම් මාර්ග අවහිර වී තිබේ.
වෙනත් කලාපවලින් ගෙනෙන විකල්ප තාර වර්ග ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික සහ පාරිසරික තත්ත්වයන්ට නුසුදුසු බැවින් ඒවා භාවිත කිරීමට නොහැක.
බොහෝ මාර්ග සඳහා ඇස්තමේන්තු පවා සකස් කර අවසන්ව තිබුණද, තාර ලබා ගැනීමට නොහැකිවීම නිසා වැඩකටයුතු යම් ප්‍රමාණයකට ප්‍රමාද කිරීමට සිදුවී ඇත.
මෙම අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් නොව මැදපෙරදිග යුද්ධය නිසා ජාත්‍යන්තරයටම බලපා ඇති පොදු ප්‍රශ්නයක් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart