
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැංකොක්හි පැවති විශ්ව රූ රැජින තරගාවලියේ දී මෙක්සිකෝ රූ රැජින වූ ෆාතිමා බොෂ් විශ්ව රූ රැජින ලෙස කිරුළු දිනාගැනීමට සමත් වී තිබේ.
මෙවර තරගාවලිය විශ්ව රූ රැජින වඩාත් විවේචනාත්මක තරගාවලිය බවට පත්ව තිබිණි.
ඒ , තායි නිලධාරියකු තරඟකාරියන් ගණනාවක් ඉදිරියේ මෙක්සිකෝ රූ රැජිනට ප්‍රසිද්ධියේ බැණ වැදී ඇයට සහාය දුන් අයව ද තරගයෙන් ඉවත්කරන බවට තර්ජනය කිරීමේ සිද්ධියක් සමගය.
එම සිද්ධියෙන් පසු 25 හැවිරිදි මෙක්සිකෝ රූ රැජින නොවැම්බර් මාසයේ මුලදී උත්සවයෙන් ඉවත්ව ගොස් තිබිණි.
ඉන් සතියකට පසු විනිසුරුවන් දෙදෙනෙකු ද ඉල්ලා අස්විය.
ඒ අතරින් එක් අයෙකු තරඟ වංචා සිදුකරන බවට සංවිධායකයන්ට චෝදනා කර තිබිණි.
ලොව දීර්ඝතම කාලයක් පැවති මෙම රූ රැජින තරඟයේ නවතම ප්‍රතිඵලය මතභේදයට තවත් හේතුවක් වී ඇත.
මෙක්සිකෝ රූ රැජිනගේ ජයග්‍රහණය පිළිබඳ පුවත අන්තර්ජාලයේ ක්ෂණිකව ව්‍යාප්ත වූ අවස්ථාවේ බොහෝ මෙක්සිකානුවන් ඇගේ ජයග්‍රහණය සමරා තිබිණි.
නමුත් ඇතැමුන් පවසන්නේ සංවිධායකයන් විසින් මීට පෙර ඇයට සිදුකළ අපකීර්තියට වන්දි ගෙවීමක් ලෙස මෙවර ඔටුන්න ලබා දෙන්නට ඇති බවයි.
තායිලන්ත රූ රැජින ප්රවීනර් සිං පළමු අනුශූරතාව දිනාගත් අතර වෙනිසියුලාවේ රූ රැජින වූ ස්ටෙෆනි අබාසාලි තෙවැනි ස්ථානය දිනා ගත්තාය.
පිලිපීනයේ රූ රැජින මා අහ්තිසා මනාලෝ සහ අයිවරි කෝස්ට් රූ රැජින ඔලිවියා යේස් පිළිවෙළින් ඊළඟ ස්ථාන දිනා ගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart