
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලය තුළ නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 24 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවන ලදී.
අධිකරණ කටයුතු අතරතුර, දෙපාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු නඩුව සම්පූර්ණ නඩු විභාගයක් සඳහා යොමුකරන ලෙස ඉල්ලා සිටියහ.
ඒ අනුව, නඩුව සැප්තැම්බර් 24 වැනි දින පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.
2010 සිට 2012 දක්වා කාලය තුළ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී මර්වින් සිල්වා සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 150 කට ආසන්න දේපළක් නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීමෙන් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම නඩුව ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart