
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනවාරි මස 13 දින සිට 17 දින දක්වා පැවැත්වූ 96 වන ජාතික ශූරතා මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනාගැනීමට යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම සමත් විය.
එහිදී ඔවුහු රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 10ක් හිමිකර ගනිමින් ‘වසරේ දක්ෂතම මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායමට’ හිමි කුසලානය දිනාගැනීමට සමත් වූහ.
තරඟාවලියේ කාන්තා අංශයේ අනු ශූරතාවය යුද්ධ හමුදා කාන්තා බලකා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම හිමිකර ගත් අතර, එහිදී ඔවුහු රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 01ක් දිනාගැනීමට සමත් වූහ.
පිරිමි අංශයේ දක්‍ෂතම මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයා ලෙස යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ කෝප්‍රල් කේ.ජී.සී. පද්මසිරි සම්මානය දිනාගත් අතර, කාන්තා අංශයේ දක්‍ෂතම පරාජිත ක්‍රීඩිකාව වශයෙන් යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ එම්.ජී.එම්.ටී දසුනිකා සම්මානය දිනාගත්තාය.
මෙවර තරඟාවලියට යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ පොලිස් කණ්ඩායම් ඇතුළු දිවයින පුරා ක්‍රීඩා සමාජ 17 ක තරඟකරුවෝ 151 දෙනෙක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart