
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස්, ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් යන කණ්ඩායම් සිය ක්‍රීඩක ආදේශක ප්‍රකාශයට පත්කර තිබේ.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ තුවාල ලැබූ ලොකී ෆර්ගියුසන් වෙනුවට කයිල් ජේමිසන් නම් කර ඇත.
ඒ අනුව කයිල් ඉන්දීය රුපියල් කෝටි 2කට පන්ජාබ් කිංග්ස් සමඟ එක්වනු ඇත.
ජොස් බට්ලර් ජාතික තරග සඳහා පිටත්ව යෑමට නියමිත බැවින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කුසල් මෙන්ඩිස් බඳවා ගෙන තිබේ.
මැයි 25 වැනි දින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් ලීග් අදියර තරගයෙන් පසුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ජොස් බට්ලර් මැයි 26 වැනි දින සිය ජාතික කණ්ඩායම සමග එක්වීම සඳහා පිටත්ව යෑමට නියමිත බැවින් ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් තෝරාගෙන ඇත.
මෙම ආදේශනය 2025 මැයි 26 වැනි දින සිට ක්‍රියාත්මක වේ.
මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75කට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එක්වනු ඇත.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ මායන්ක් යාදව් වෙනුවට නවසීලන්ත වේග පන්දු යවන්නකු වන විලියම් ඕ’රෝර්ක් කණ්ඩායමට එක්වනු ඇත.
යාදව් පිටකොන්දේ ආබාධයකට ලක් වූ අතර ඉතිරි කාලය සඳහා ඔහු තරගවලින් ඉවත් කර ඇත.
විලියම් ඕ’රෝර්ක් ඔහුගේ ආදේශකයා ලෙස ඉන්දීය රුපියල් කෝටි 3කට පත් කරගනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart