
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්රමසිංහ අද (20) බෙයිජිංහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුව ඇත.
එහිදී ද්විපාර්ශ්වික කරුණු රැසක් සම්බන්ධයෙන් නායක දෙපළ සාකච්ඡා කර තිබේ.
ඒ අනුව දේශපාලන කොන්දේසිවලින් තොරව ශ්රී ලංකාවට ආධාර ලබාදීමටත්, රටේ අපනයන වැඩි ප්රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ජනාධිපති ෂී ජින්පින් ප්රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ දිනවල චීනයේ සංචාරයක නිරත වන්නේ අන්තර්ජාතික සහයෝගීතාව සඳහා වන තුන්වන ‘තීරය සහ මාර්ග’ සමුළුවට සහභාගිවීම සඳහාය.
දෙපාර්ශ්වයම අන්තර්ජාතික සහ කලාපීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණය ශක්තිමත් කරනු ඇතැයි ඔවුන් එහිදී සාකච්ඡා කර තිබේ.
මේ අතර, ජනාධිපති රනිල් වික්රමසිංහ සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද ඊයේ (19) පස්වරුවේ බීජිං නුවරදී සිදුව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart