
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළඳසැලක මුදල් අයකැමි තරණියට වෙඩිතබා ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකාගෙන ගොස් තිබේ.
වෙඩිවැදීමෙන් තුවාලලත් තරුණිය රෝහල් ගත කර ඇත.
කොල්ලකරුවන් වෙළඳසැලේ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා ඇති අතර පහතින් තිබූ තවත් ලාච්චුවක ඇති මුදල් ලබා ගැනීමට යතුරු ඉල්ලා අයකැමි තරුණියට වෙඩි තබා තිබේ.
විශේෂත්වය වෙන්නේ කොල්ලකෑම සිදුවන වෙළඳසැල ඉදිරිපිටම මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ පිහිටා තිබීමය.
කොල්ලකරුවන් වෙඩිතබා කොල්ලය සිදුකර යතුරුපැදිය තල්ලු කරගෙන ඉදිරියට ගොස් පළාගොස් ඇති අතර,වෙළඳ ව්‍යාපාරිකයන් හා සේවකයන් පැමිණ මීගොඩ පොලිස් මුරපොළට කෑ ගසා කියන තුරු කිසිවකුත් පිටතට පැමිණ නැත.
කොල්ලකාගෙන ගිය මුදල මෙතෙක් අනාවරණය වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart