
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුඩා වෛද්‍ය සැපයුම් ප්‍රවාහන ගුවන් යානයක් අමෙරිකාවේ ඊසානදිග ෆිලඩෙල්ෆියාහි ගොඩනැගිලි කිහිපයක් මතට කඩාවැටී ඇති අතර, අනතුරින් නිවාස සහ වාහන කිහිපයක් ගිනිගැනීමට ලක්ව තිබේ.
අනතුරින් පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි ද පැවසේ.
ගුවන් යානය ඊයේ සන්ද්‍යාවේදී වෛද්‍ය ප්‍රවාහන මෙහෙයුමක යෙදී සිටි අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් හතරදෙනෙකු, රෝගි දරුවකු සහ රෝගියාගේ පරිවාර නිලධාරියා ගුවන් මගින් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇතැයි වෛද්‍ය ප්‍රතිකාර සපයන ගුවන් යානා සමාගමක් වන Jet Rescue Air Ambulance නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
අනතුර සිදුවූ ස්ථානයේ ගිනිගැනීම්, ගුවන් යානයේ සුන්බුන් සහ කලබලයට පත්ව සිටින ප්‍රදේශවාසීන් සහ හදිසි කාර්ය මණ්ඩලය සිටින අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
යානයේ සිටි දරුවා දැඩි රෝගී තත්වයක් සඳහා අමෙරිකාවේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, නැවත මෙක්සිකෝවේ ටිජුවානා වෙත යමින් සිටි බව Jet Rescue Air Ambulance හි ප්‍රකාශකයෙකු වන Shai Gold පැවසීය.
දැරිය සමඟ ඇයගේ මව, ගුවන් නියමුවකු, සහායක නියමුවකු, වෛද්‍යවරයකු සහ පරිපූරක වෛද්‍ය නිලධාරියකු ද සිට ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේවෙතත් අනතුරින් සිදුවූ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart