
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වින්දිතයන් සහ ළමා චූදිතයන් ජනමාධ්‍ය හරහා හෙළිදරව් කිරීම හේතුවෙන් සමාජ ගැටලු රැසක් මතුව ඇති බවත්, එබැවින් එය වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බවත් පාර්ලිමේන්තු ළමා කටයුතු පිළිබඳ කාරක සභාවේ සභාපතිනී රෝහිණී කුමාරි විජේරත්න අවධාරණය කළාය.
පසුගියදා රැස්වූ ළමා කටයුතු සඳහා වූ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී මේ බව සඳහන් කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව අද(29) වාර්තා කළේය.
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය, ලේක්හවුස් ආයතනය සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවද කාරක සභා රැස්වීමට කැඳවා තිබිණි.
විශේෂයෙන්ම ළමා අපචාර සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා දරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම, අදාළ දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරන බව එහිදී මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.
රාජ්‍ය මාධ්‍යවල නිලධාරීන් එහිදී පෙන්වාදී ඇත්තේ, ළමයින් සම්බන්ධ පුවත් බෙදා හැරීමේදී තම ආයතන ප්‍රමිතියක් අනුගමනය කරන බවයි.
ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා මීළඟ රැස්වීමට සියලුම ජනමාධ්‍ය සංවිධාන කැඳවිය යුතු බවට කාරක සභා සාමාජිකත්වය එකඟවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart