
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකකට බදු දීමේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත යොමු කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
ඇමැති මණ්ඩල අනුමැතියෙන් පසු මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පැවසීය.
එම යෝජනාවට අනුව මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු අදාළ සමාගම් දෙක මගින් සිදු කෙරෙන අතර, එයින් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා රජයට ලැබෙනු ඇත.
අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ දැනට ගුවන් තොටුපළේ සේවය කරන පුද්ගලයන්ට අමතරව අමතර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට සමාගම්වලට අවසර දෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart