
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් පෙර පැවැති ස්ථාවරය නොතකා, ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුව, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ විවිධ කාණ්ඩවල සේවාවන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෞද්ගලික ආයෝජකයන්ට විවෘත කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීම් (EoI) ඉල්ලා සිටීමට උත්සාහ කරන බව එහි නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇතා.
චීන EXIM බැංකුව විසින් අරමුදල් සපයන ලද මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ, 2013 දී විවෘත කළ දා සිට අඩු ගුවන් ගමන් සංඛ්‍යාවක් සහ අඛණ්ඩ මූල්‍ය පාඩු හේතුවෙන් මතභේදයට තුඩු දී තිබේ.
අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කෙරිණි.
පසුගිය ආණ්ඩුව වසර 30 ක් සඳහා ඉන්දියාවේ ෂෞර්යා ඒරොනොටික්ස් (පෞද්ගලික) සමාගමට සහ රුසියාවේ ගුවන්තොටුපොළ කලාප කළමනාකරණ සමාගමට ගුවන්තොටුපොළ පැවරීමට උත්සාහ කළේය.
කෙසේවෙතත්, සිවිල් ගුවන් සේවා අධිකාරී පනත යටතේ ඇතැම් සේවාවන් පිටතට මාරුකළ නොහැකි බැවින්, පසුව එම පියවර අවලංගු කරන ලදී.
ඒ වෙනුවට, ඒවා රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ විෂයපථය යටතේ පැවැතිය යුතුය.
වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් මගී කළමනාකරණය, නඩත්තුව සහ අලුත්වැඩියාව සහ භාණ්ඩ හැසිරවීම වැනි ගුවන් තොටුපොළ කටයුතු පවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන ලබාගැනීමට උත්සාහ කරමින් සිටී.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින්, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු සඳහන් කර ඇත්තේ, විවිධ කාණ්ඩවල ගුවන් තොටුපළේ ක්‍රියාකාරිත්වය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන වෙනුවෙන් කැමැත්ත ප්‍රකාශ කිරීම් (EoI) කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉක්මණින් ඉදිරිපත් කරන බවයි.
අතීතයේ දී තෝරා ගන්නා ලද ඉන්දියා-රුසියා ඒකාබද්ධ ව්‍යාපාරයට පවා මෙලෙස නව කැමැත්ත ප්‍රකාශ කිරීම් (EoI) කැඳවූ පසු ප්‍රතිචාර දැක්විය හැකි බව ඔහු පවසයි.
ගුවන් තොටුපොළ දැනට ප්‍රධාන වශයෙන් සංචාරකයන් රැගෙන යන වරලත් ගුවන් ගමන් සඳහා භාවිත කරන බව ඔහු සඳහන් කරයි.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සාගර කොටකදෙණිය පවසා ඇත්තේ, ගුවන් තොටුපොළක කළමනාකරණය විෂය අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතිව පෞද්ගලික අංශයට විවෘත කළ හැකි නමුත්, එය අන්සතු කිරීමක් නොවන බවයි.
ආරක්ෂාව සහ ගුවන් ගමනාගමන පාලනය වැනි ක්ෂේත්‍ර රාජ්‍ය ආයතනය සතුව තිබිය යුතු බවත්, මෙම අවස්ථාවේ දී එය සිවිල් ගුවන් සේවා අධිකාරිය සතුව තිබිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart