
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හයවැනි වතාවටත් අල්ලස් ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරයකු සම්බන්ධ පුවතක් මට්ටක්කුලිය පොලිසියෙන් වාර්තා වේ.
මට්ටක්කුලිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් මට්ටක්කුලිය පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පී.ජී.එස්.ආර්. සංජීවට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාදී ඇතත් ඔහු එම මුදල ප්‍රතික්ෂේප කර අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරීන්ට හසුකරදී තිබේ.
අදාළ සැකකරු මට්ටක්කුලිය, සමඟිපුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන අයකු වන අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව ඇතුළු නිලධාර්න් නිතර නිතර ඔහුගේ මත්ද්‍රව්‍ය වැටළීමට ක්‍රියාකර ඇත.
එහිදී දැඩි අපහසුතාවට පත් ජාවාරම්කරු ප්‍රධාන පොලිස් පක්‍ෂකවරයා හමුවී ඔහුගේ මත්ද්‍රව්‍ය නොඅල්ලන්නේ නම් මසකට රුපියල් ලක්‍ෂ දෙකක් ලබාදීමට පොරොන්දු වී තිබේ.
ඒ සඳහා ඊයේ රුපියල් 50,000ක අත්තිකාරම් මුදලක් ලබාදෙන බවටත් ඔහු ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට පවසා ඇත.
පසුව අදාළ පොලිස් පරීක්‍ෂකවරයා මේ බව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ දැනුවත් කර තිබේ.
ඔහුගේ උපදෙස් මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාර්න් දැනුවත් කිරීමට පසුව පියවර ගෙන තිබිණි.
මේ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් මට්ටක්කුලිය පොලිසියේ රැඳී සිටියදී පොලිසියට පැමිණි ජාවාරම්කරු ඒ බව නොදැන රුපියල් 50,000ක් ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා වෙත ලබාදී තිබේ. ඒ සමඟ අල්ලස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධියට අදාළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මෙලෙස අල්ලස් ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ හයවැනි වතාවට බව කියයි. එය පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක නිලධාරියකු ලබපු වාර්තාවක් බවද කියැවේ.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරද්දී රුපියල් ලක්‍ෂ 15ක්ද, හොරොව්වොතාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරද්දී රුපියල් ලක්‍ෂ 5ක්ද, දොම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී රුපියල් ලක්‍ෂ 2ක්ද, අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කරද්දී වරෙක රුපියල් 50,000ක්ද, තවත් වරෙක රුපියල් 25,000ක් නීති විරෝධී ක්‍රියාවල යෙදුණු පුද්ගලයන් විසින් අල්ලස් ලෙස ලබා දුන්නද මොහු එම මුදල් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මෙවර ඔහු අල්ලස් ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ හයවැනි වතාවට බව පොලිසිය සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart