
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටයිම් අවුට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවීයෑමේ තවත් ක්රමයකි.
එය සිදුවන්නේ පෙර පිතිකරු දැවී ගොස් මිනිත්තු තුනක් ඇතුළත නව පිතිකරුවකු ක්‍රීඩා කිරීමට සූදානම් නොවන අවස්ථාවේදීය.
එවැනි දැවීයෑමක් ඉතා දුර්ලභ වන අතර, අද දිල්ලි හි අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස් ටයිම් අවුට් දැවීයෑමකට හසුවිය.
එසේ දැවීයෑමට මැතිව්ස්ට සිදුවූයේ නියමිත කාලය තුළ පිටිය මැදට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙනි.
පෙර ක්‍රීඩකයාගේ දැවීයෑමෙන් අනතුරුව මැතිව්ස් පිටියට පැමිණෙන නමුත්, ආරක්ෂිත හිස්වැස්ම අමතක වීමෙන් ඔහු ආපසු හැරී ක්‍රීඩාගාරයට ගොස් එය රැගෙන එයි.
එහෙත් ඒ වන විට නියමිත කාලය ඉක්මවා ගොස් තිබුණු අතර බංග්ලාදේශ ක්‍රීඩකයෝ එය දැවීයෑමක් ලෙස සටහන් කරන මෙන් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියහ.
ක්‍රිකට් නීතියට අනුකූල බැවින් විනිසුරුවරයා මැතිව්ස් දැවීගිය ක්‍රීඩකයකු ලෙස නම්කළේය.
මෙම නීතියේ අරමුණ වන්නේ ක්‍රීඩාව සඳහා අනවශ්‍ය ප්‍රමාදයන් සිදුනොවන බව සහතික කිරීමයි.
2023 නොවැම්බර් වන විට ටෙස්ට් තරඟ ක්‍රිකට් වල මෙවැනි දැවී යෑම් සිදු වූ අවස්ථා වාර්තා වී නොමැති නමුත්, එක්දින අන්තර්ජාතික ක්‍රිකට් තරගවල එක් අවස්ථාවක් සහ සමස්ත පළමු පෙළ ක්‍රිකට් තරගවල අවස්ථා හයකදී පමණක් එවැනි සිදුවීම් වාර්තා වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart