
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබියදි පිටියේ විනිසුරුවරුන් විසින් පන්දුව මාරු කිරීමට කටයුතු කිරීම හේතුවෙන් තරගයේ රිද්මය වෙනසකට ලක් වූ බව තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර තිබේ.
පන්දුව ආදේශ කිරීමට තරම් පැරණි පන්දුවක් නොමැති බව විනිසුරුවරුන් විසින් තමන්ට මෙන්ම කමිඳු මෙන්ඩිස් වෙත දන්වා සිටි බව මැතිව්ස් ප්‍රකාශ කර ඇත.
පන්දුව විනිසුරුවන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීම තුළින් තරගයේ වාසිය එංගලන්ත කණ්ඩායම වෙත දෝලනය වූ බව සඳහන් කළ ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ ටෙස්ට් තරගයකදී පන්දු ආදේශ කිරීමේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවය.
මේ අතර, මෙම ටෙස්ට් තරගාවලිය තමන් එංගලන්තයට පැමිණ ක්‍රිඩා කරන අවසන් තරගාවලිය වනු ඇති බව දිනේෂ් චන්මාල් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම පළමු ඉනිමේදී තවත් ලකුණු 70ක් හෝ 100ක් ලබා ගන්නට තිබූ නමුත් එය මගහැරී ගිය බව එංගලන්තයට එරෙහි තරග තුනකින් යුත් පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දිනේෂ් චන්දිමාල් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart