
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙසියේදි ඩොලර් 120,000කට කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබේ.
ඒ අනුව ඔහු මේ වන විට වෙන්දෙසියේවැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා විය.
දෙවැනියට ඉහළ මුදලකට දසුන් ශානක ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දෙසියේදි අලෙවි විය.
බී ලව් කැන්ඩි කණ්ඩායම විසින් දසුන්ව ඩොලර් 85,000කට මිලදී ගන්නා ලදී.
අසිත ප්‍රනාන්දු ඩොලර් 40,000කට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගත් අතර ඩොලර් 55,000කට බිනුර ප්‍රනාන්දු කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මිලදී ගනු ලැබිණි.
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම නුවන් ප්‍රදීප්ව මිලදී ගනු ලැබුවේ ඩොලර් 36,000කටය.
කෙසේවෙතත්, සොයෙබ් මලික් සහ මුෂ්පිකර් රහීම් වෙන්දෙසියේදී කණ්ඩායම් විසින් මිලදි නොගත් අතර ඉෆ්තිකාර් අහමඩ් ඩොලර් 50,000කට දඹුල්ල කණ්ඩායම විසින් මිලදි ගනු ලැබිණි.
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක ඩොලර් 22,000ක මිලදී ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart