
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර මහරෝහල කඹුරුගමුවෙහි නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීම සඳහා කොරියානු අපනයන-ආනයන බැංකුව වෙතින් අරමුදල් සලසා ගැනීමට රජය තීරණය කර ඇත.
දිවයින පුරා තෝරා ගත් සෞඛ්‍ය සත්කාර ආයතන සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීම තුළින් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින්, කොරියානු අපනයන-ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායී අරමුදල් පහසුකම යටතේ ‘වෛද්‍ය උපකරණ අංශ සංවර්ධන ණය ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කිරීමට 2019-04-09 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
එහෙත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උද්ගත ව ඇති ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එකී ව්‍යාපෘතිය අවලංගු කිරීමේ යෝග්‍යතාවත්, වත්මන් ජාතික සෞඛ්‍ය අවශ්‍යතාවන්ට අනුකූල වන වඩා වැඩි බලපෑමක් සහිත විකල්ප ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් 2025 ජුනි මස 26 සහ 27 යන දිනවල කොළඹදී පැවති කොරියානු අපනයන-ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල පිළිබඳ සමාලෝචනයේදී දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ තිබේ.
ඒ අනුව, එම එකඟතාව පරිදි, මීට ප්‍රථම අනුමත කරනු ලැබ ඇති ‘වෛද්‍ය උපකරණ අංශ සංවර්ධන ණය ව්‍යාපෘතිය’ විධිමත් පරිදි අවලංගු කිරීමටත්, මාතර මහරෝහල, මාතර නගර සංවර්ධන පුළුල් සැලැස්මට අනුකූලව කඹුරුගමුව ප්‍රදේශයෙහි නැවත ස්ථාපනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට කොරියානු අපනයන‑ආනයන බැංකුව වෙතින් අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart