
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඌව පළාතේ ප්‍රදේශ රැසක ජනතාවගේ එකම ජීවනෝපාය වූ කිරිගවයන් සූක්ෂ්ම ලෙස සොරාගෙන මස් පිණිස අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කැප්පෙටිපොළ පොලිසිය සමත්ව තිබේ.
දින 12ක දීර්ඝ හා ක්ෂණික පරීක්ෂණයකින් පසුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මස්කඩ හිමියකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය සති කිහිපය තුළ ඌව පළාතේ විවිධ ප්‍රදේශවලින් කිරිගවයන් 100කට ආසන්න සංඛ්‍යාවක් සොරාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබිණි.
ගාල්ල සහ මාතර ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් සති 6ක පමණ කාලයක සිට වැලිමඩ, පෙල්ලිවින්න, එරබද්ද සහ හෙට්ටිගෙදර වැනි ගම්මානවල ගාලේ බැඳ සිටි කිරිගවයන් රාත්‍රී කාලයේදී සූක්ෂ්ම ලෙස සොරාගෙන ඇත.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරාගේ උපදෙස් මත කැප්පෙටිපොළ පොලිස් ස්ථානාධිපති ජේ.එම්. තුසිත කුමාර ඇතුළු කණ්ඩායම විසින් කැප්පෙටිපොළ සිට වැලිමඩ, බණ්ඩාරවෙල සහ ඇල්ල දක්වා මාර්ගයේ තිබූ CCTV කැමරා 130ක දර්ශන සහ GPS තාක්ෂණය ඔස්සේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් මෙම මෙහෙයුම දියත් කර ඇත.
මස්කඩ හිමියාගේ ඉල්ලීම පරිදි දහවල් කාලයේ ප්‍රදේශයේ සැරිසරා තොරතුරු රැස්කර, අලුයම් කාලයේදී ආවරණය කරන ලද වෑන් රථවලින් සතුන් පැහැරගෙන ගොස් ඇති බව එහිදී හෙළි වී තිබේ.
රුපියල් ලක්ෂ 4ක් 5ක් පමණ වටිනා උසස් වර්ගයේ කිරිගවයන් මෙම ජාවාරම්කරුවන් විසින් මස්කඩ හිමියාට විකුණා ඇත්තේ රුපියල් 140,000 වැනි අඩු මුදලකටය.
එරබද්ද ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි එච්.එම්. සුමනාවතී පවසන්නේ මසකට රුපියල් 40,000–50,000 අතර ආදායමක් ලබාදුන්, රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ඇගේ කිරිදෙන සහ පැටවා එක රැයින් අතුරුදහන් වූ බවයි.
වෙනත් ගොවීන් පවසන්නේ ගවයන් ආරක්ෂා කරගැනීම සඳහා දැවැන්ත යකඩ ආවරණ සහ ඉබි යතුරු දැමීමට මෙන්ම, ගාල අසල කුඩා පැල්පත් අටවාගෙන රාත්‍රී කාලයේ මුර කිරීමට පවා තමන්ට සිදු වූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart