
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මරදාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ (විමර්ශන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක පැවසුවේ, දඹදෙණිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, මෙම අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී, උප පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු කුලියාපිටිය කොට්ඨාස අධිකරණය අසලදී අත්අඩංගුවට ගත් බවයි.
කුලියාපිටිය අධිකරණයේ පැවති රිය අනතුරු වන්දි නඩුවක් සම්බන්ධයෙන් පැමිණිලිකරුට පක්ෂව සාක්ෂි ලබාදීම සඳහා මෙම නිලධාරියා විසින් අල්ලස් ඉල්ලා ඇතැයි කියනු ලබන බව ඔහු පැවසීය.
අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා අද(20) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart