
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ පොලිස් වසමේ ලග්ගල ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 10 වැනිදා සිදු කළ කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවන් දසදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.
වෑන් රථයකින් පැමිණි සැකකරුවන් අදාළ නිවසට ඇතුළු වී එහි සිටි අය ගැටගසා රුපියල් රුපියල් මිලියන 15 වටිනාකමක් ඇති මැණික් ගලක් ඇතුළුව රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
පොලිසිය සිදුකළ විමර්ශන වලදී කැබලි හතකට කඩා ගාල්ල ප්‍රදේශයේ ස්ථානයකට අලෙවි කර තිබූ මැණික් ගල සොයාගැනීමට හැකියාව ලැබී තිබේ.
මාවතගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවක් ඇතුළු සැකකරුවන් 10 දෙනකු පොලිසිය සොරකම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස මුලින් බැංකු මංකොල්ලයක් සිදුකිරීමට සැලසුම් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකිව වටිනා මැණික් ගල පිළිබඳ දැන ගැනීමෙන් පසු නිවස ඉලක්ක කර ගත් බව අනාවරණය වී ඇත.
සොරකම් කරන ලද රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ බොහොමයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඉතිරි මුදල් සොයාගැනීමටත් තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart