
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවිස්සාවේල්ලේ පාතාල භීෂණය පතුරුවමින් මත්කුඩු බෙදාහැරීමේ ජාවාරම මෙහෙයවමින් පාතාල අපරාධවල නිරතව සිටින ප්‍රබල පාතාල අපරාධකරුවකු වන මන්නා රමේෂ්, ඔහුගේ බිරිය සමඟ සාජා පොලිසියට දින තුනකට පෙර හසුවී ඇතැයි මෙරට ආරක්ෂක අංශ වෙත ඊයේ (28) වන විට තොරතුරු ලැබී තිබිණි.
මෝටර් රථයකින් සාජා සිට ඩුබායි බලා මන්නා රමේෂ් සිය බිරිය සමඟ ගමන් කරමින් සිටියදී සාජා පොලිසිය එම රථය නතර කරන ලෙස සංඥා කළ අවස්ථාවේදී, පොලිසිය මගහැර යන්නට ගොස් මෙලෙස පොලිසියට හසුවී ඇති බව එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය. සාජා පොලිසිය මන්නා රමේෂ් පදවාගෙන යමින් සිටි මෝටර් රථය නතර කර ඇත්තේ ඒ තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුවය. එම තොරතුර මන්නා රමේෂ් එරට පොලිසියට කොටුකර දීම සඳහා තවත් පාතාලයේම අපරාධකරුවකු විසින් ලබාදුන් ව්‍යාජ තොරතුරක් බව සඳහන්ය. ඒ මන්නා රමේෂ්ට අන්තර්ජාතික පොලිසිය මඟින් රතු නිවේදනයක් ඇති බැවින් එරට පොලිසිය විසින් ඔහුව පරීක්ෂා කරන විට ඔහු රතු වරෙන්තුකරුවකු බව හෙළිවන බැවිනි.
මන්නා රමේෂ්ට එරෙහිව මිනිස් ඝාතන හා ඝාතන තැත්කිරීම් 10කට වැඩි සංඛ්‍යාවක් ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. ත්‍රිරෝද රථයක නැඟී මළ ගෙදරක යමින් සිටි තරුණයන් සිව්දෙනකුට පසුගිය වසරේ සැත්තැම්බර් 20 වැනිදා රාත්රියේදී තල්දූවේදී වෙඩිතබා තිදෙනකු ඝාතනය කරනු ලැබුවේ ද මන්නා රමේෂ් ඩුබායි සිට සිය ගෝලබාලයන්ව මෙහෙයවමිනි.
එම ඝාතන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද මන්නා රමේෂ් ඩුබායි සිට තර්ජනය කර තිබුණේ දරුවන්ට හානි කරන බව කියමිනි. අවිස්සාවේල්ලේ පාතාල භීෂණයක් පතුරුවාගෙන සිටි මෙම අපරාධකරු මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සාජා පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් අවශ්‍ය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. අන්තර්ජාතික පොලිසිය මඟින්ද මෙම අත්අඩංගුවට ගැනීමට අදාළ තොරතුරු විමසා ඇති බවද එම නිලධාරියා කීය. මෙයට දින කිහිපයකට පෙර ඩුබායිහි රාත්‍රී සමාජ ශාලාවක ඇතිවුණු යම් සිදුවීමක් මුල්කරගෙන ඌරගහ මයිකල් නමැති පාතාලයේ ප්‍රබල අපරාධකරු ඇතුළු පිරිස ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ අය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙතෙක් ඩුබායි පොලිසිය අන්තර්ජාතික පොලිසිය මඟින් මෙරට දැනුවත් කර නැත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart