
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතර – තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රැස්වීම්වලට සහභාගිවි කතා පැවැත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පේමසිරි මානගේ වෙනුවෙන් ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියෙන් නොමිලයේ වෙන්කෙරුණු ගුවන් කාලය මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ඊට හේතුව ඔහු සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමයි.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍යය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන පේමසිරි මානගේගෙන් කළ විමසුමක දී ඔහු පවසා ඇත්තේ, ගුවන් කාලය ලබාදිය නොහැකි බව අදාළ ජනමාධ්‍ය ආයතන වලින් තමාට දැනුම් දුන් බවයි.
පටිගත කෙරුණු තමාගේ කතා කිහිපයක් රූපවාහිනියේ මීට පෙර විකාශනය වූ බවපවසා ඇති හිටපු මන්ත්‍රීවරයා, පටිගත කෙරුණු තවත් කතා කීපයක් විකාශය කිරීමට නියමිතව තිබූ බවද සඳහන් කර තිබේ.
මැතිවරණ නීතිය කඩනොකළ තමා සිදුකර ඇත්තේ, ජනතාවගේ ඉල්ලීමක් ඉටුකිරීම පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart