
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනීමැරුම් චෝදනාවකින් නිදහස් වීමට පෙර වසර 50කට ආසන්න කාලයක් මරණ දඬුවම නියමව සිරගතව සිටි ජපන් ජාතිකයකුට යෙන් මිලියන 217ක් (ඩොලර් මිලියන 1.45ක්) වන්දි වශයෙන් ගෙවා තිබේ.
ඔහුගේ නීතීඥයන් පවසන්නේ අපරාධ නඩුවකදී ජපානය මෙතෙක් ගෙවූ විශාලතම වන්දි මුදල එය බවයි.
89 හැවිරිදි ඉවාඕ හකාමතා නමැත්තා 1968 දී ඔහුගේ සේවායෝජකයා මෙන්ම බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ නමුත් නැවත නඩු විභාගයකින් පසු පසුගිය වසරේ නිදොස් කොට නිදහස් කරන ලදී.
හකාමාතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥයන්, වසර 47ක් රඳවා තබාගැනීම, ලොව දීර්ඝතම මරණ දණ්ඩනය නියම වූ සිරකරුවා බවට පත්කිරීම, ඔහුගේ මානසික සෞඛ්‍යයට හානියක් වූ බවට යන කරුණු ඔස්සේ තර්ක කරමින්, හැකි උපරිම වන්දියක් ඉල්ලා තිබිණි.
සඳුදා එම ඉල්ලීම පිළිගත් විනිසුරු කුනී කෝෂි, ඔහු අතිශයින්ම දරුණු මානසික සහ ශාරීරික වේදනාවකින් පෙළුණු බවට එකඟවිය.
ඒ අනුව, ජපාන රජය විසින් හකාමතාගේ මුල්‍ය වන්දිය ගෙවනු ඇති අතර එය රටේ ඉතිහාසයේ අපරාධ නඩුවක් සඳහා වූ විශාලතම ගෙවීම ලෙස එරට ජනමාධ්‍ය ලෙස වාර්තා කරයි.
එමෙන්ම හකාමතාගේ නඩුව ජපානයේ දීර්ඝතම සහ වඩාත් ප්‍රසිද්ධ නඩුවිභාගවලින් එකකි.
කෙසේවෙතත්, හකාමාතා නඩු විභාගයට සහභාගී වී නොමැති අතර ඔහුගේ මානසික තත්ත්වය නරක අතට හැරීම නිසා ඔහු සියලු පූර්ව නඩු විභාගවලින් නිදහස් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart