
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සහ සාපරාධී බියවැද්දීම යන චෝදනා යටතේ සැකකාර රොෂාන් දිසානායක නාඋල (පල්දෙණිය) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
2022 මැයි 10 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගිය පසු, රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ ජංගම දුරකථනයට සැකකරු විසින් තර්ජනාත්මක පණිවිඩ එවා ඇති බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශාමින්ද වික්‍රම අධිකරණයට කරුණු දක්වමින් දන්වා සිටියේය.
ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගත් පසුවත්, ඔහු තර්ජනාත්මක ෆේස්බුක් පෝස්ට් ද දමා ඇති බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
භාෂණයේ නිදහස සඳහා පවතින ව්‍යවස්ථාපිත අයිතිය, නීතිවිරෝධී ලෙස හැසිරීමට බලනොපාන බවත් සැකකරුට ඇප ලබාදීමට විරෝධය පළ කරන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් තර්ක කළේ සැකකරු ඇප පනතේ දක්වා ඇති කොන්දේසි හතරම කඩ කර ඇති බව දක්වමිනි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥවරයා කරුණු දක්වමින් කියාසිටියේ මෙම සිද්ධිය රාජ්‍ය ඇමැතිවරයා සහ සැකකරු අතර පැවැති ආරවුලක් මත සිදුවූවක් බවත් සැකකරු අරගලයේ සාමාජිකයකු නොවන බවත්ය.
දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් නිෂාදි චන්ද්‍රවංශ සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර, සැකකරු අගෝස්තු 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart