
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාඇළ ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් පාපැදියක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ ජාඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි.
විදෙස්ගතවීමට සූදානම්ව සිටියදී ඔහු මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබුණි.
ජාඇළ කනුවන දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෙම පුද්ගලයා කන්ටේනර් රථයේ ගැටී ඇති අතර එහි පැටලී මීටර් 300කට ආසන්න දුරක් ඇදී ගොස් ඇති බවද අනාවරණය වී තිබුණි.
එහිදී මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරේ කොටස් මාර්ගයේ තැන තැන විසිරී ගොස් තිබී ඇති අතර පොලිසිය ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඇත්තේ ඔහුගේ දුරකථනයේ සිම් කාඩ්පත උපයෝගී කරගනිමිනි.
පසුව පොලීසිය විසින් CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව කන්ටේනර් රථය හඳුනාගෙන තිබිණි.
වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ තඹුත්තේගම සිට කොහුබත් පටවාගෙන පැමිණි එම කන්ටේනර් රථය එම තොගය වරාය ගුදම් අංගනයට දමා වත්තල කන්ටේනර් අංගනයක නවතා ගොස් ඇති බවය.
අනතුරුව වරාය නිලධාරීන්ගේ සහාය ද ඇතිව පොලීසිය විසින් කන්ටේනර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු අද වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජාඇළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart