
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊයේ රාත්‍රියේ මැලේසියාවේ සෙන්තුල් හි පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ යැයි කියන ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid පවසා ඇත්තේ, ඝාතනය සිදු වීමට පෙර සැකකරුවන් දෙදෙනා අදාළ අපරාධය සිදුවූ සාප්පුවේ දෙවන මහලේ නැවතී සිටි බවයි.
ඊයේ රාත්‍රී 11 ට පමණ දෙඅත් බැඳ හිස් ප්ලාස්ටික් බෑග්වලින් ආවරණය කර තිබූ පිරිමි තිදෙනෙකුගේ සිරුරු පොලිසිය විසින් සොයා ගත් බව පොලිස් ප්‍රධානියා පවසා ඇත.
මරණයට පත්ව ඇති තිදෙනා වයස අවුරුදු 20-40 අතර පසුවන්නන්ය.
“සැකකරුවන් දෙදෙනා මෙම ඝාතන සැලසුම් කර ඇති බවට පොලිසිය විශ්වාස කරන අතර මෙම ආරවුල පිටුපස ඇති අරමුණ තවමත් විමර්ශනය වෙමින් පවතී,” යැයි පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart