
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙළ නිළි රැජිණ, අභාවප්‍රාප්ත ආචාර්ය මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට සැලසුම් කර තිබේ.
ඒ, කොළඹ නිදහස් චතුරස්රයේදී ය.
දේහය, අද උදෑසන 8ට පමණ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ සිට නිදහස් චතුරස්‍රය කරා රැගෙන ගියේය.
නිදහස් මන්දිරයේ තැන්පත් කර ඇති දේහයට, පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා මහජන ගෞරව දැක්විය හැකියි.
පස්වරු 3. 30ට පමණ, ඇය සිප්සතර හැදෑරු කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුන් සහ කලාකරුවන් එක්ව, දේහය, ආගමික වතාවත් කිරීම සඳහා ඉදිකළ විශේෂ පීඨිකාව වෙත රැගෙන යනු ඇත.
ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන්නේ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැනූ විශේෂ චිතකයේදීය.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනේ නන් දෙසින් විශාල පිරිසක්, ඊයේ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයට පැමිණියහ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම හිටපු ජනාධිපතිවරුන් ද, ඒ අතර විය.
කලා කේෂත්රයේ සියලු අංශයන් නියෝජනය කරමින් කලාකරුවන් රැසක් ඊයේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවට පැමිණ සිටියේ, සිය යෙහෙළියට සමුදීමටයි.
මාලනී ෆොන්සේකාට පෙම් බැඳි ඇතැම් සිනමාලෝලීන් පැමිණ සිටියේ මල් කළඹ ද, අතැතිවයි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අලුයම මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 78 කි.
හෙළ සිනමාවට නිධානයක් වූ ඇය, ලක් මාතාවට සදාතනික සජීවී පුරාවෘත්තයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart