
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ මේන් ප්රාන්තයේ පුද්ගලයන් 18 දෙනකු ඝාතනය කළ වෙඩි තැබීමේ සිද්ධියේ ප්රධාන සැකකරු වූ රොබට් කාර්ඩ් නැමැති 40 හැවිරිදි සැකකරුගේ සිරුර හමුවී ඇත.
විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත්තේ ඔහු සියදිවි නසාගන්නට ඇති බවට සැකකෙරෙන බවයි.එම පුද්ගලයා සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ.
රොබට් කාර්ඩ්ගේ මළ සිරර සොයාගෙන ඇත්තේ ලිස්බන් නගරයට ආසන්නයේ ඇති වනාන්තරයකදීය.
කාර්ඩ් විසින් සිය පුත්රයා වෙත ලියන ලද සිය දිවි නසාගන්නා බව සටහන් ලිපියක් විමර්ශන කණ්ඩායම් සොයාගෙන ඇත.
කාර්ඩ් විසින් පසුගිය බදාදා රාත්රියේ මේන් හි ලුවිස්ටන් ප්රදේශයේ මාර්ගයක සහ අවන්හලක වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් 18 දෙනකු මිය ගොස් තවත් 13 දෙනකු තුවාල ලැබීය.
අනතුරුව හිටපු හමුදා සැරයන්වරයකු වන කාර්ඩ් සොයා එක්සත් ජනපද හමුදා විශේෂ මෙහෙයුමක් දියත් කළේය.
කාර්ඩ් සිදුකළ සමූහ ඝාතනය හේතුවෙන් දින ගණනාවක් ලුවිස්ටන් හි වැසියන්ට ජිවත් විමට සිද්ධ වූයේ නිවාස අඩස්සියට පත්වය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart