
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ බිරිඳ මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දි මු ජයරත්නගේ දියණිය වන සේනානි ජයරත්න අලුත්ගමගේ, මෑතක දී ඉහළ පෙළේ දූෂණ නඩුවකට වරදකරු වූ සිය සැමියා පිළිබඳ සහ ඔහු මුහුණ දී සිටින ඉරණම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබේ.
මහින්දානන්ද අලුත්ගමගේ ගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දීර්ඝ සටහනක් තබමින් ඇය පවසා ඇත්තේ සිය සැමියා නිර්දෝෂී බවයි.
එමෙන්ම වත්මන් ජාතික ජන බලවේගය ප්රමුඛ ආණ්ඩුව යටතේ, පවතින නීතිමය ක්‍රියාවලියට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බවටත් ඇය එමගින් චෝදනා කර තිබේ.
ජාතික ජන බලවේගය බලයේ නොසිටියේ නම් එවැනි තීන්දුවක් ලබානොදීමට ඉඩ තිබූ බවට ඉඟිකරමින් අධිකරණ අමාත්‍යවරයා මෑතකදී කළ ප්‍රකාශය පිළිබඳව ද ඇය සිය සටහන මගින් අදහස් පළකර ඇත.
මහින්දානන්ද අලුත්ගමගේට එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවත්, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිය සැමියාගේ චරිත ඝාතනය සඳහා ඒවා පළකරන බවත් ඇය පවසයි.
රාජපක්ෂ පාලන සමයේ රාජ්‍ය අරමුදල් මිලියන 53ක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය විසින් මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක සිරදඬුවමක් නියම කළේය.
එම නඩුවේ වරදකරු වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුට ද වසර 25ක සිර දඬුවමක් නියම විය.
2015 ජනාධිපතිවරණයට පෙර මහජන මුදල් යොදවා කැරම් බෝඩ් බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart