July 23, 2024

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබාගැනීමට 2023-05-02 දිනැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව, එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනාගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත්, හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.