
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහගමසේකරයන්ගේ බිරිඳ වන කුසුමලතා මහගමසේකර ඊයේ (21) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 88 වැනි වියෙහි පසුවිය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරිනියක් වූ ඇය දීර්ඝ කාලයක් භාෂා හා සාහිත්‍ය ගුරුවරියක ලෙස දිවයිනේ පාසල් රැසක සේවය කර තිබේ.
අවසාන ගෞරවය දැක්වීම සඳහා ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ‘රෙස්පෙක්ට්’ පරිශ්‍රයේ නොවැම්බර් 24 වැනි සිකුරාදා පෙරවරු 10සිට තැන්පත් කරනු ලැබේ.
අවසාන කටයුතු නොවැම්බර් 25 වැනි සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ කිතුල්වත්ත පාර පිවිසුමේ පිහිටි ආදාහන පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart