
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික සිංහල සිනමාවේ සුවිශේෂී සළකුණක් සටහන් කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙන් වන ලුවී වැන්ඩස්ට්‍රාටන් අද (20) අභාවප්‍රාප්ත විය. 1990 දශකයේ අතිශය ජනප්‍රිය වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රැල්ලේ ආරම්භකයා ලුවී වැන්ඩස්ට්‍රාටන් ය. එදා හිස් වූ සිනමා ශාලාවට ප්‍රේක්ෂකයා ගෙන්වා කර්මාන්තයක් වශයෙන් සිනමාව ඉදිරියට යෑමට ලුවීගේ සිනමාපටයන් බලපෑවේය. ඔහුගේ මුල්ම චිත්‍රපටය වූ ‘බිඳුණු හදවත්’ තිරගත වූයේ හැත්තෑව දශකයේය. එදා මෙදාතුර ඔහු කළ බොහෝ චිත්‍රපට වාණිජමය වශයෙන් සාර්ථක විය.
බිඳුණු හදවත් චිත්‍රපටයට අමතරව පෙම් කුරුල්ලෝ, සජා (සම අධ්‍යක්ෂණය), බෝනික්කෝ 1-2, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1 -2 – 3 – 4, දඩබිම, සෙල්ලම් කුක්කා, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇත.
බොහෝ දෙනා නොදන්නා නමුත් විජය කුමාරතුංගගේ සිනමා දවිය ආරම්භ කර ඇත්තේද ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ චිත්‍රපටයකිනි. ඒ පිළිබඳව ලුවී සරසවිය පුවත්පතට පසුකාලීනව මෙසේ ප්‍රකාශ කර තිබිණි.
“….බොහෝ දෙනෙක් දන්නේ ඔහු ආවේ හන්තානෙ කතාවෙන් කියලා. ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නෙ එහෙමනේ. මං මේ කියන කතාවට රොබින් ප්‍රනාන්දු සාක්ෂි. මගේ පළමු චිත්‍රපටය වුණේ බිඳුණු හදවත්. මට එයට එකල අමුතු කඩවසම් බවකින් යුතු ටෝනි රණසිංහව ගන්න වුවමනාව තිබුණා. රොබින්, නීටා ඇතුළු පිරිස තෝරගෙන මං රූගතකිරීම් ඇරැඹුවා. දර්ශන තලයට රොබින් හමුවන්න විජය ආවා. රොබින් මට ඔහුව හඳුන්වලා දීලා කිව්වා හොඳ කොල්ලෙක් අපි එයාව මේ චිත්‍රපටයට ගමු කියලා. නීටත් එය අනුමත කළා. මං කල්පනා කරලා ටෝනිගේ චරිතය විජයට දුන්නා. ඒක තමයි විජයගේ පළමු චිත්‍රපටය. හැබැයි හන්තානෙ කතාව පෝලිම පැන්නා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart