
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) පස්වරු 03 සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ලබන මස පළමුවැනිදා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වන අතර, එහි පළමු තරගය නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.
ඒ අනුව, පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන මස පළමුවැනිදා සිට 05 වැනිදා දක්වා පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය පළමු අදියර යටතේ සිදුකෙරේ.
ඒ සඳහා පහත දිගුව භාවිත කළ හැකිය.
https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true
ඉන් අනතුරුව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග ලබන මස 05 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ.
අනතුරුව ලබන මස 13 වැනිදා සිට 21 වැනිදා දක්වා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart