
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ, දඹුල්ල තන්ඩස් කණ්ඩායමේ සම හිමිකරු ලෙස කටයුතු කළ අහමඩ් නමැත්තාව ලබන හත්වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාකාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මිල්ලගමගේ නියෝග කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් සැකකරු ඇප මත මුදානොහරින ලෙසට පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි රජයේ ජේෂ්ඨ අධිනීතීඥ උදාර කරුණාතිලක අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.
සිය සේවාදායකයා ලොව පිළිගත් ව්‍යාපාරිකයකු වන බැවින් ඔහු රටින් පළායෑමේ කිසිදු සූදානමක් නොමැති බැවින් ඔහු ඕනෑම හදිසි අවස්ථාවකදී මුදාහරින ලෙසට එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ක්‍රිෂාන් ද අල්විස් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart