
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකට ලිපියක් යවමින් දැනුම්දී ඇත.
‘ලංකාදීපය’ වාර්තා කර ඇති අආකරයට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම අනුව කටයුතු කරමින් දුෂණ සහ අක්‍රමිකතා මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඔහුට එම කටයුතු අවසන් කිරීමට කාලයක් දිය යුතු බවත් සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම පවසයි.
නීතියට පටහැනිව මත්පැන් බලපත්‍ර ලබාදීමේ සහ කංසා වගාකිරීමට නීති ගෙනඒමේදී නිහඬව සිටි මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ ජාතික සංඝ සම්මේලනය නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සාධනීය ක්‍රියා කලාපය විවේචනය කිරීම ඉතාමත් කණගාටුදායක බවද ඔහු පෙන්වාදෙයි.
සුරාබදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිත කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බව පෙන්වාදෙන එම සංගමය, එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අද මහාපරිමාණයෙන් සහල් සහ සීනි භාවිත කරන බවද පෙන්වාදෙයි.
දැනට වෙළඳපොළේ ඇති නිත්‍යානුකූල බියර්වල ප්‍රමිතිය ගැන නිසි විමර්ශනයක් කළ යුතු බවද සභාපතිවරයා ජනාධිපතිවරයාට පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart