
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
13 වැනි ආසියානු දැල්පන්දු ශුරතාවලියේ අනුශුරතාවෙන් සැහීමකට පත්වීමට මෙවර ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සිදුව තිබේ.
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් මෙවර ශුරතාවලිය පැවැති අතර, අද පැවැති අවසන් මහා තරගයේදී කරටකර සටනකින් පසු ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සිංගප්පූරු ක්‍රිඩිකාවන් හමුවේ පරාජයට පත්වුයේ ලකුණු 67ට 64ක් ලෙසිනි.
ඒ අනුව, සිංගප්පූරුව මෙවර ආසියානු දැල්පන්දු ශුරතාවලිය ජයගත්තේ හතරවැනි වතාවට වන අතර, ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ 05 වැනි වතාවට අනුශුරතාවට හිමිකම් කියූහ.
මීට පෙර අවස්ථා 06 ක් ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ ශුරතාවට හිමිකම් කියූහ.
අද පැවැති අවසන් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර, ඒ අනුව නියමිත කාලය අවසන් වන විට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව ලකුණු 52 බැගින් ලබාගෙන තිබූ අතර, එහිදි ලබා දුන් විනාඩි 07ක අමතර කාලයේදී ද කණ්ඩායම් දෙකම ලකුණු 59ට 59 ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.
කෙසේවෙතත් ලබාදුන් දෙවැනි අමතර කාලයේදි සිංගප්පූරු ක්‍රීඩිකාවෝ ඉදිරියට පැමිණෙමින් ලකුණු 67ට 64ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් පරාජයට පත්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart