
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පවත්වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
අමාත්‍ය හේරත් මේ බව ප්‍රකාශ කළේ අද (23) මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
අමාත්‍යවරයා කියාසිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
මීට වසර දෙකකට පෙර මැතිවරණ සඳහා නම් කළ අපේක්ෂකයන් අතරින් ඇතැමුන් අභාවප්‍රාප්ත වී ඇති අතර ඇතැමුන් රට හැරගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍ය හේරත් පැවසුවේ නව නාමයෝජනා කැඳවනවාද නැද්ද යන්න පිළිබඳව අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන බවයි.
පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මැතිවරණය පවත්වන දිනය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම ඉදිරියේදී සිදුකරන බව සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart