
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
LOLC සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සමාගමක් වන Browns Investments PLC විසින් Lipton Teas and Infusions Tanzania Limited අත්පත් කර ගැනීම 2024 දෙසැම්බර් 20 සිකුරාදා අවසන් කර ඇති බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වාර්තා ගොනු කරමින් නිවේදනය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්ථාපිත B Commodities ME FZE අනුබද්ධ සමාගම හරහා මෙම අත්පත් කර ගැනීම සිදු කර ඇති බව එම සමාගම පවසයි.
හවුල්කාරිත්වයේ කොන්දේසිවලට එකඟ වූ බව නෙදර්ලන්තයේ LIPTON Teas and Infusions මෙම වසරේ මැයි මාසයේදී ප්‍රකාශ කළ අතර එමඟින් රුවන්ඩාවේ, කෙන්යාවේ සහ ටැන්සානියාවේ තේ වතු ශ්‍රී ලංකාවේ Browns Investments සමාගම වෙත පැවරීම සිදු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart