
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වූ ලෙජන්ට් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික කළමනාකාරවරයකුට සහ ඔහුගේ සහායකවරයකුට රටින් පිටවීම වළකාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අපිරසේන නිකුත් කර ඇති තහනම් නියෝගය ඉවත් කරවා ගැනීම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙජන්ට් සඳහා ශ්‍රී ලාංකික නීතිඥවරයකුද සමඟ ඉන්දීය ජාතික නීතිඥවරු දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත හමුවේ ඊයේ (18) පෙනී කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ සිටියහ.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ ‘කෑන්ඩි සෑම් ආමි’ කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක
කළමනාකාර යෝගී පටෙල්ට සහ ‘පංජාබ් රෝයල්’ කණ්ඩායමේ පැවලෝඩියා ආකාශ්ට පසුගිය මාර්තු 14 වැනිදා සිට රටින් පිටව යෑම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝගයක් පැනවීය.
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ලෙජන්ට් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් සඳහා ක්‍රීඩා කරන උපුල් තරංග වරුෂවිතාන සහ නවසීලන්ත ක්‍රීඩක නේල් ටුවෙර් ක්‍රීඩක නේල් ටුවෙර් බෲට් විසින් කළ පැමිණිලි අනුව ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවන්ට ලබන ජුනි මස 13 වැනිදා තෙක් බල පැවැත්වෙන අන්දමට රටින් පිටව යෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
ඉන්දියාවේ ‘කෑන්ඩි සෑම් ආමි’ කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල් නමැත්තාට පනවා ඇති රටින් පිටව යෑමේ තහනම ඉවත් කරවා ගැනීම සඳහා අධිකරණයේ ගොනුකර තිබූ විශේෂ මෝසමකට අනුව මෙම නඩුව අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී යෝගී පටෙල් නමැත්තා
අධිකරණයේ පෙනී සිටියේය.
ඒ අවස්ථාවේදී යෝගී පටෙල් නමැත්තා වෙනුවෙන් ඉන්දීය ජාතික නීතිඥවරුන් දෙදෙනකුද සමග පෙනීසිටි නීතිඥ යසීස් තෙන්නකෝන් කරුණු දක්වමින් නීත්‍යානුකූල අන්දමින් මෙරට පැවති අන්තර්ජාතික තරගාවලියක විධායක කළමනාකරුවකු වූ තම සේවාදායකයාට විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයිද, සානුකම්පිත කරුණු මත එම විදෙස් ගමන් තහනම ඉවත් කරවා ගැනීම සඳහා මෙම විශේෂ මෝෂම ගොනුකළේ යැයිද කීය.
ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක වැදිසිංහ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් මෙම මෝෂන් පත්‍රය ඉදිරිපත් කිරීම පිළිබඳව විද්‍යුත් තැපෑල ඔස්සේ උදෑසන තමන්ට දැනගැනීමට ලැබුණු බවත් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවත් පැවැසීය.
කරුණු සලකා බැලු මහේස්ත්‍රාන්වරිය මෙම නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවන නඩුවක් බැවින් නඩුව කැඳවීම සඳහා ආසන්නම දිනය වන ලබන 22 වැනිදා නඩුව කැඳවීමට නියම කළාය.
ඒ අවස්ථාවේදි යෝගී පටෙල් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ඉන්දීය නීතිඥවරු දෙදෙනා දෑත් එක්කර මහේස්ත්‍රාත්වරියට ආචාර කර අධිකරණ ශාලාවෙන් පිටව ගියහ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart