
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, එවැනි නීතියක් සම්මත කරනු ලැබූ ලොව ප්‍රථම අවස්ථාව බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
නව නීතිය මගින් TikTok, Facebook, Snapchat, Reddit, X සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල වයස අවුරුදු 16ට අඩු දරුවන් ගිණුම් තබාගැනීම වැළැක්වවිය යුතු වේ.
අදාළ සමාගම් එම නීතිය අනුගමනය කිරීමට අසමත්වන්නේ නම් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ($ මිලියන 33) දක්වා දඩයකට යටත් වීමට සිදුවනු ඇති.
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 34 ක් හිමිව ඇති අතර විපක්ෂව හිමිව ඇත්තේ 19 ක් පමණය. ඒ අනුව කෙටුම්පත් සම්මත වී තිබේ.
පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ද බහුතරයකින් පනත් කෙටුම්පත අනුමත කර ඇත.
විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංශෝධාන සෙනෙට් සභාවේදී අනුමත කර තිබේ.
අනතුරුව පනත නීතියක් බවට පත්විය.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පැවසුවේ අන්තර්ජාලය හරහා තම දරුවන්ට සිදුවන හානි පිළිබඳව සැලකිලිමත් වන දෙමාපියන්ට නව නීතිය සහාය දක්වන බවයි.
“අපගේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය සඳහා දැන් වගකීමක් ඇත,” ඇල්බනීස් වාර්තාකරුවන්ට පැවසීය.
දඬුවම් ක්‍රියාත්මක කිරීමට පෙර තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි සොයා බැලීමට සමාජ මාධ්‍ය වේදිකා සඳහා වසරක කාලයක් ලබා දී තිබේ.
කෙසේවෙතත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමි Meta සමාගම පැවසුවේ නීති සම්පාදනය ඉක්මන් වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart