
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 වසර සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 2.3ක සෘණ වර්ධන වේගයක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සමස්තයක් වශයෙන්, 2023 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සියයට 2.6කින් ප්‍රසාරණයවී ඇති අතර, කාර්මික හා සේවා කටයුතු පිළිවෙළින් සියයට 9.2කින් සහ සියයට 0.2කින් හැකිළී ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආර්ථිකයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුන, වර්තමාන මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට පිළිවෙළින් සියයට 8.3, සියයට 25.6 සහ සියයට 59.9කින් දායකවී තිබේ.
‘නිෂ්පාදන සඳහා බදු අඩු සහනාධාර’ සංරචකය 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.2ක කොටසකට දායකවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart