
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර තුළ රට පුරා විදුලිය විසන්ධි කිරීම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිදු කරඇති බව පාර්ලිමේන්තු කමිටුවක් අනාවරණය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ ප්‍රධානත්වයෙන් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
සභාපති වලේබොඩ එහිදී පැවැ සුවේ, පසුගිය වසරේ විදුලිය විසන්ධිවීම් 10,69,000ක් පමණ වාර්තා වී ඇති බව හෙළිවී ඇති බවයි.
නැවත සම්බන්ධතා ගාස්තුව සියයට 50කින් කපාහැරීමට සහ වාරික වශයෙන් මෙම බිල්පත් ගෙවීමට අවස්ථාව ලබාදීම ඇතුළු සම්බන්ධතා විසන්ධි වූ පාරිභෝගිකයන්ට යම් සහනයක් ලබාදෙන ලෙස කමිටුව අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ඔහු පැවැසීය.
ණය පදනම මත නව සම්බන්ධතා ලබාදීමට සහ සම්පූර්ණ සම්බන්ධතා ගාස්තුව විදුලි බිල සමඟ වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට ද උපදෙස් දුන් බව ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පැවැසුවේ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙම රැස්වීම සඳහා පැමිණ සිටි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart