
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානය තුළ ක්‍රියාත්මක මහාපරිමාණ බිළිඳු ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.
එම ජාවාරම යටතේ පාකිස්ථානයේ දිළිඳු පවුල්වල අලුත උපන් බිළිඳුන් මිලියන ගණනට අලෙවි වන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මෙම ම්ලේච්ඡ මිනිස් ජාවාරම යටතේ අලුත උපන් කිරිකැටි දරුවන් ‘පශු සම්පත්’ ලෙසින් විශාල මුදලකට විකුණන බව එම ජනමාධ්‍ය වාර්තා කරයි.
අවාසනාවකට මෙන්, අලුත උපන් බිළිඳුන් නීතිවිරෝධී ලෙස මුදලට අලෙවි කිරීමේ වෙළඳාම පාකිස්ථානය තුළ කෙතරම් සංවිධානාත්මක වී ඇත්ද යත්, එය බලධාරීන්ට පාලනය කිරීමට නොහැකි තරම් බව පකිස්තාන ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
පාකිස්ථානය තුළ පවතින දේශපාලන අර්බුදය, ඒ ඔස්සේ දිනෙන දින උඩුදුවමින් ඇති ආර්ථික අර්බුදය දරාගැනීමට නොහැකිව, මූලික අවශ්‍යතා හෝ සපුරා ගත නොහැකි පාකිස්ථානයේ දිළිඳු පවුල්වල මව්පියන් තම අලුත උපන් බිළිඳුන් විකුණා ජීවත් වීමේ තත්ත්වයට පත්ව තිබේ.
පාකිස්ථානයේ ලාහෝර් හි ARY News සිදු කර ඇති ප්‍රධාන හෙළිදරව්වකදී මෙම වෙළඳාමට සම්බන්ධ කණ්ඩායමක් පිළිබඳ අනාවරණ කර තිබේ.
එම අනාවරණයට අනුව පාකිස්ථානයේ දිළිඳු මව්පියන්ට දාව උපදින දරුවන් මිලදී ගන්නා කාණ්ඩ දෙකකි.
ඉන් එක් කාණ්ඩයක් වන්නේ දරුවන් නොමැති නිසා දරුවකු නීත්‍යානුකූල ලෙස ලබාගැනීමට ඉදිරිපත්ව සිටින අඹු සැමියන් ය.
අනෙක් කාණ්ඩය වන්නේ වහල් සේවය සඳහා තරුණ ගැහැණු ළමුන් මිල දී ගන්නා අපරාධකරුවන් බව පැවැසේ.
එම ජාවාරම සම්බන්ධයෙන් අනාවරණ වී ඇති එක් ගනුදෙනුවකදී, දින තුනක් පමණක් වයසැති පිරිමි දරුවෙකු සහ දින 26 ක් වයසැති ගැහැණු දරුවකු පාකිස්ථාන රුපියල් මිලියන 2.3 ක මිලකට විකිණීමට උත්සාහ කළ කණ්ඩායම සොයාගෙන තිබේ.
ගනුදෙනුවේදී ජාවාරම්කරුවන් පිරිමි දරුවාට මිල රුපියල් මිලියන 1.4 ක මිලක් නියම කර ඇති අතර, ගැහැණු ළමයා අලෙවි කර ඇත්තේ රුපියල් 900,000ක මිලකටයි.
වඩාත්ම කණස්සල්ලට පත්වන හෙළිදරව්ව වන්නේ, මෙම දරුවන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් විසින්ම අපරාධකරුවන්ගේ ජාලයක් හරහා අලෙවි කරන බව අනාවරණය වීමත් සමඟයි.
මෙම සිද්ධියට පෙර අදාළ මිනිස් ජාවාරම් කල්ලිය බිළිඳුන් 25 කට ආසන්න සංඛ්‍යාවක් විකුණා ඇතැයි ද හෙළිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart