
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලාංකික සම්භවයක් ඇති පැරිස් බේකරිකරුවකු ප්රංශයේ තුනී පාන් විශේෂයක් වන ‘බැගැට්’ (baguette) සකස් කිරීමේ ප්රසිද්ධ තරගයෙන් ජයග්රහණය කර ඇත.
ප්රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ නම් මෙම තරගයෙන් ජයගත් තර්ෂන් සෙල්වරාජා නම් මෙම බේකරිකරුවා, එරට ජනාධිපති මන්දිරයට බෑගට් සැපයීමේ අවස්ථාවද දිනා ගෙන තිබේ.
“අපි විදේශිකයන් නිසා මම ඇඬුවා, අපි සම්ප්රදායික ප්රංශ පාන් හදන හැටි ඉගෙන ගන්නයි මෙහෙ ආවේ,” තර්ෂන් සෙල්වරාජා AFP පුවත් සේවයට සිය ජයග්රහණය ගැන සඳහන් කර ඇත්තේ එලෙසිනි.
මෙම තරගය පැවතියේ පසුගිය බදාදාය. එහිදී බදාදා බැගැට් රසඥයන් පහළොස්දෙනෙක් නිර්නාමිකව ඉදිරිපත්වූ තරඟකරුවන් 175දෙනකු අතරින් හොඳම ප්රංශ පාන් නිර්මාණකරු ලෙස සෙල්වරාජා තෝරා ගත්හ.
ජයග්රහණයට අදාළ ට්යාගය ලෙස ඔහු යුරෝ 4,000ක මුදලක්ද දිනාගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart